බර අඩු කර ගන්නේ කෙසේද?

 

උස අඩි අඟල් වලින් උසේ හැටියට හරි බර
4'5" 40
4'6" 41.5
4'7"` 43
4' 8" 44.61
4' 9" 46.22
4' 10" 47.85
4' 11" 49.52
5 51
5'1" 52.93
5'2" 54.68
5'3" 56.46
5'4" 58.26
5'5" 60'1
5'6" 62
5'7" 63.85
5'8" 65.75
5'9" 67.72
5'10" 69.7
5'11" 71.7
6 73.74
6'1" 75.80
6'2" 77.89
6'3" 80.01
6'4" 82.16
6'5" 84.34
6'6" 88.5

    තරබාරු කම ඇතිවීමට මූලික හේතුව වැරදි ආහාර ගැනීමයි. මූලික වශයෙන්ම වැරදි ආහාර වනුයේ සත්ව ආහාර ( මස් , කිරි ආහාර, මාලු සහ බිත්තර ) සීනි, රසකාරක සහ අනෙකුත් සකස් කල ආහාර වලින් ලැබෙන විස වර්ග.   අද ලෝකයේ ජනතාව අකාල මරණ වලට ලක්වන ප්‍රධානතම හේතුව වැරහි ආහාර ගැනීමයි. අපගෙන් සියයට 70කට අධික දෙනෙක් හදවත් රෝග, පිලිකා, අංශබාග, දියවැඩියාව වැනි ලෙඩවලින් අකාලයේ මියයන්නට නියමිත බව බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. ඒ වගේම මෙවැනි ලෙඩ රෝග සියයට 95කින්ම වලක්වා ගන්නට පුලුවන් බවත් ඒ අය දන්නේ නැහැ. ඒ නොදන්නා කමි අද ලෝකයේ විශාලා ආහාර කර්මාන්ත, ජාත්‍යන්තර ඖෂධ සමාගම විශාල වශයෙන් ලාබ ලබන නිසා ඔවුන්ට ඒවා කියා නොදෙන්නටත් පුලුවන් තරම් ජනතාව වැරදි ආහාර මාර්ගයේ දියටම තබා ගැනීමටත් විශාල් මුදල් ප්‍රමාණයක් දිනපතා වැය කෙරෙන බවත් ඔවුන් දන්නේ නැහැ.


 

රූපාලංකරණ වෛද්‍යවරයෙකු ලෙස ඔබගේ ශරීරයේ කැත විදියට මේදය තැන්පත් වුවහොත්, බඩ, අත්යට, කලවා, පිට, නිකට යට වැනි එම ප්‍රදේශවලින් එම මේදය ඉවත් කොට නැවත ඔබගේ රූපය ලස්සන කිරීමට මට උදව් කරන්නට පුලුවන්. එහෙත් ඔබගේ වැරදි ආහාර රටාව හරි විදියට හරවා ගෙන එසේ ලැබුනු ලස්සන දියටම තබා ගැනීමත් ඒ වගේම ලෙඩරෝග වලින් තොරව නීරෝගී ජීවිතයක් ඉදිරියට ගත කිරීමත් ඔබට පමනක් කල හැකි කාර්‍යයක්.

අලුත් ක්‍රමයට පැය කිහිපයකින් අනවෂ්‍ය කැත මේදය ඉවත් කොට ශරීරයේ ලස්සන ආයෙත් ලබාගන්නා සැටි ඉහතකී පින්තූර වලින් පෙන්නුම් කරනවා.

 

මේ වෙලාවීදීම ගැස්ට්‍රික් බයිපාස් කියන භයානක සැත්කම පිලිබඳවත් වදනක් කිව යුතුයි. ඉහත කී පින්තූරයෙන් ගැස්ට්‍රික් බයිපාස් ක්‍රමය කරන සැටි පින්තූරයකින් පෙන්වාදී තිබෙනවා. මෙය ලස්සන වීමට කරන රූපාලංකරන සැත්කමක් නොවේ. බරවැඩිවීමෙන් ජීවිතයත් මරනයත් අතර බරපතල සටනක් කරන ලෙඩෙකුට හැර සාමාන්‍ය ලෙඩෙකු කිසිම දවසක මෙවැනි භයානක සැත්කමකට ඉදිරිපත් විය යුතු නැත.

 වොශිංටන් විස්ව විද්‍යාලයෙන් කල පරීක්ෂනයකට අනුව ගැස්ට්‍රික් බයිපාස් කිරීමෙන් ලෙඩුන් 50න් එකක් මරනයට පත්වෙනවා. එසේ වන්නේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුනුම රට වූ ඇමෙරිකාවේ. එම සැත්කම හොඳින් කරන්නට නම් එවැනි ශල්‍ය වෛද්‍යවරයෙකු අඩුම ගනනේ සැත්කම් 100 ක් වත් සිදුකොට තිබිය යුතු බවත් එහිදී නිගමනය වුනා. ගැස්ට්‍රික් බයිපාස් සැත්කමේ අතුරු ආබාධ ලෙස, ආසාදනය, ලේ ගැලීම, හර්නිය, ලේ නාලිකා තුල ලේ කැටි ගැසීම, බඩවැල් බ්ලොක් වීම, සහ බඩවැලේ තුවාල සෑදීම පෙන්වා දී තිබෙනවා. ඒවගේම මෙම සැත්කම කල පසු එම ලෙඩුන්ට කැමෙන් මිනිත්තු 30 පමන පසු වන තුරු ඔවුන්ට කලන්තයක් මෙන්ම බඩේ ඉතා අපහසුතාවයක් ඇතිවනවා. මෙම ලෙඩුන්ටත් විශාල ලෙස මන්දපෝශනය ඇතිවනවා. කැල්සියම්, සින්ක්, විටමඉන් ඇ, බී12, තයමින් ෆෝලේට් වල ඌනතාවයන් ලෙහෙසියෙන්ම ඇතිවනවා.

ගැස්ට්‍රික් බයි පාස් ක්‍රමයට ලැබෙන හොඳ ප්‍රතිපල සියල්ලක්ම ලැබෙන්නේ බර අඩුවීම නිසායි. ඒ වුනත් මෙම ලෙඩුන්ට ලස්සන ශරීරයක් ලබන්නට හැකියාවක් නැතිවෙනවා. ඉතා ඉක්මනින් බර අඩුවන නිසා ඔවුන්ගේ සම රැලි වී, සමෙහි එල්ලා වැටීමක් වෙනවා. ඔවුන්ගේ මුහුන, පියයුරු සහ තට්ටම් ප්‍රදේශ ඉක්මනින් වැටී යනවා. ඔවුන්ට වැඩිපුර රැලි වැටුනු සම ඉවත් කිරීමට බොහෝ සැත්කම් කිරීමට අවශ්‍ය වෙනවා.
මේ නිසා අද ලෝකයේ බර වැඩි වූ කෙනෙකුට කරන්නට පුලුවන් හොඳම දෙය ආහාර පාලනයයි. ඔවුන්ට මිල මුදල් තිබෙනවා නම් ලස්සනට ශරීරයක් ලබා ගන්නට කැමැති නම කැත මේදය ඉවත් කිරීමත් ඔවුන්ට දැන් අතුරු ආබාධ රහිතව කර ගන්නට පුලුවන්.

 

ගස්ට්‍රික් බයිපාස් කිරීමෙන් අනතුරුව ශරීරයේ බර ඉක්මනින් අඩුවීමෙන් සම රැලි වී ලස්සන රූපය ඉක්මනින් කැතවීගෙන යන අයුරු ඉහත පින්තූර වලින් පෙන්නුම් කරයි.

 

සදා තාරුණ්‍යයේ රහස් පොත ඔබට අවශ්‍ය නම් ලබාගන්න. මෙය ලබාගත් හැක්කේ අපගේ කාර්යාලයෙන් පමනකි. 

 

සෑම වේලකටම පෙර අමුවෙන් කැරට් අලයක්, ගෝවා කෑල්ලක් සහ තක්කාලි ගෙඩියක් ආහාරයට ගනන.  මේවාට වෙන කිසිම දෙයක් එකතු කරන්නට එපා. එයට පසු උයපු ආහාර අනුභවයට ගන්න. උදේ ආහාරයට කඩල මුං ඇට බත්, බෝචි ඇට වැනි දේවල් ආහරයට ගැනීම සුදුසුයි.

ඉහත  කී අමු එලවලු වලට අමතරව මෙම එලවලුත් අමුවෙන් ආහාරයට ගත හැකියි.  බෙල් පෙපර්ස්, පිපිංඥා, රාබු, බ්‍රොකලි, පතෝල, නිවිති, ගොටුකොල, කන්කුන්, බීට් රූට්,

ඔබ වැඩිපුර ව්‍යායාම කරන කෙනෙක් නම් වැඩිපුර ප්‍රෝටීන ලබාගැනීමට බෝංචි, පරිප්පු, කඩල, මුං ඇට, දඹල වැනි දේවල් ආහාරයට ගත හැකියි.
දවල් ආහාරයට බත් සහ එලවලු වර්ග සුදුසුයි. බත් කන විට බත් අහුරක් පමනක්  ගෙන එලවලු අහුරු දෙකක් හෝ තුනක් ආහාරයට ගන්නට බලන්න. පොල් තෙල් පමනක් ආහාර සකස් කරන විට භාවිතා කරන්න. (වර්ජින් පොල් තෙල් නම් වඩාත් හොඳයි. )

 

රෑ ආහාරයට බත් සහ එලවලු හෝ කැමතිනම් අනෙකුත් ආහාර හෝ ගත හැකියි. සෑම වේලකටම සමබර ආහාර ගැනීම ඉතාම හොඳයි.

පාන් පිටි වලින් සෑදූ කිසිම දෙයක් ආහාරයට ගන්නට එපාකිසිම විදියකට සීනි ආහාරයට ගන්නට එපා. සීනි වැඩිපුර තිබෙන පලතුරු පවා සෞඛ්යයට හොඳ නැහැ. අඹ අන්නාසි කෙසෙල් ගෙඩි වල හුඟක් සීනි තිබෙනවා.

සත්ව ආහාර කිසිම විදියකට ආහාරයට ගන්නට එපාකිරි සහ කිරි ආහාර මස් මාලු, බිත්තර සහ කුකුල් මස් වලින් මේ නිසා වැලකිය යුතුයි.

මාසයකට වතාවක් විටමින් බී 12 ඉන්ජෙක්ශන්ස් එකක් විදියට ලබා ගන්න. දිනපතා විටමින් ඪ්3 සහ ක්2 එක බැගින් ආහාරයට ගන්නවෙනත් විටමින් වර්ග ආහාරයට ගන්නට එපා. ඔබට අවශ් අනෙකුත් විශේශ විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට්ස් අප ලබා දෙනවා.

දිනපතා මැග්නීසියම් කැප්සියුල්ස් එක බැගින් ගන්න.